Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

රාජාංගණයේ සද්ධාරතන හිමිගේ වංචා රැසක් හෙළිවෙයි
ආධාර කෝටි අටක් අතුරුදන්

එංගලන්තයේ දානපතියකු විසින් විහාරස්ථානය ඉදිකිරීමට බැංකු ගිණුම්වලට බැරකළ රුපියල් කෝටි අටක් අස්ථාන ගත කළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන්ද රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

යූ ටියුබ් ක්‍රියාකාරිකයකු හා ටෙලි නළුවකු වන පුද්ගලයකු සමග එක්ව සද්ධාරතන හිමියන් මුදල් ලබාගෙන ඇතත් මෙතෙක් විහාරස්ථානය ඉදිකර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබේ.

නියත වශයෙන්ම මීළඟ ජනාධිපතිවරයා මමයි - 
මගේ වත්කම බිලියන හතරයි…

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද දිනයේ දේශපාලන වේදිකාවට ගොඩ වීමට නියමිතව ඇති බවට වාර්තා වේ

රටේ මීළඟ ජනාධිපතිවරයා නියත වශයෙන්ම තමන් බවත් එ් බව විශ්වයේ විශ්ව ශක්තිය විසින් තමාට දැනුම් දී ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු

සාගලට දෙනියාය එපා වුනාද?  
බටහිර කොළඹින් මැතිවරණයට 

බටහිර කොළඹ ආසනයේ එජාප නව සංවිධායක ලෙස පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පත් කර තිබේ. බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම පසුගියදා (22) කොළඹදී පැවැති අතර, එහිදී බල මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඒකමතික ඡන්දයෙන් සාගල රත්නායක මහතා ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ගැනිණි.

බටහිර කොළඹ සහ නැඟෙනහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කිරුළපන එජාප ශාඛා කාර්යාල ප්‍රධාන ශාලාවේදි පැවැති අතර, එහිදි නව බල මණ්ඩල නිලධාරීන් තෝරා පත් කර ගැනීම ද සිදු විය.

ලගම අය වට කරගෙන ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි උපන්දිනය සැමරුව හැටි
[PHOTOS]

ලෝචනා ඉමාෂි කියලා කියන්නේ පුංචි තිරයේත් රිදී තිරයේත් දස්කම් පාන කටකාර හැඩකාර රුවැත්තියක්.
රංගන තාරකා අතර දඟකාරම කරකාර විසේකාරම තාරකාව කවුද ඇහුවොත් ඔබට නිසැකවම සිහිපත් වන්නේ ඇය බව නොඅනුමානයි. 

ප්‍රේක්ෂක ජනාදරයට නිරන්තරවම පාත්‍ර වන ඇය, විවිධ චරිත ඔස්සේ ඉතා දක්ෂ ලෙස ඇගේ රංගනය දිගහැර දක්වන්නේ ඇයටම ආවේණික වූ රංගන විලාශයකින්.ඒ වගේම තමයි ඇය music videos ඔස්සේ ද රසිකයාගේ හදවත දිනා ගැනීමට සමත් වුණා.

රංගන ශිල්පිනියකගේ වෘත්තියට අමතරව මෝස්තර නිරූපිකාවක් විදිහටත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් අපිට ඇයව හඳුනාගන්නට පුළුවන්. 

පක්ෂව ඡන්ය 123යි
ජනක රත්නායක ධුරයෙන් ඉවතට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

මුදලට ළැම ස්පර්ශ කිරීමට ඉඩ දෙන නුරාධපුර ඇතැම් පාසල්වල සමහර සිසුවියන්
ශිෂ්‍යාවක් සමඟ පන්ති කාමරයේ නොමනා ලෙස එකතු වී සිටි ශිෂ්‍යයාගෙන් ගුරුවරියට ප්‍රහාරයක්

‘අනුරපුර පින්බිමේ දවසකට ළමා අපචාරත් දෙකයි…’ ශීර්ෂය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා සිදුවන අපචාර සිද්ධි ගැන ‘දිවයින ඉරිදා සංග්‍රහයෙ’හි සටහනක් තබා වැඩි කාලයක් නැත. ඒ මේ වසරේ ජනවාරි මස 29 වැනි ඉරිදාය. එදා අප හෙළිදරව් කළ අනුරාධපුර ළමා අපචාර වැඩිවීම මෙදා කරලියට පැමිණ තිබේ.

මේ වසරේ මුල් මාස හතර තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වෙත ළමා හා කාන්තා බරපතළ අපරාධ හැත්තෑහතරක් වාර්තා වී ඇති බවත් එම සංඛ්‍යාව ලේඛන දත්ත හා සැසඳීමේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා අපයෝජනවල ක්‍රමික වර්ධනයක් ඇති වී තිබෙන බව ද අනුරාධපුර පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍යාමලී දිසානායක පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබිණි. ළමා හා කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් ලෙස පොලිසිය හා රාජ්‍ය නිලධාරීන් එවැනි අපරාධ අවම කර ගැනීමට කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති බව ද ඇය පවසා තිබිණි. ඇයගේ කතාව අගනේය. එහෙත් ක්‍රියාවෙන් සිදු වේ ද යන්න ගැටලුවකි.

ශේෂාද්‍රිගේ චූටි දෝණි ක්‍රිෂාර්යා පළමු වැනි උපන්දිනයදා  ප්‍රියසාද් පවුලේ දාපු පාටිය
[PHOTOS]

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හැමෝම දන්න රටේ ජනප්‍රිය නිළියක්. ඒ වගේම රටේ ජනප්‍රිය ප්‍රියසාද් පවුලේ දෙවන දියණියයි.

ඉතින් පසුගිය බදාදා දවස ප්‍රියසාද් පවුලේ අයට විශේෂ දවසක්. ප්‍රියසාද් පවුල ප්‍රියසාදයක්ම කරන දවසක් කිව්වොත් හරියටම හරි. මේ පවුලේ සාමාජිකයන් දෙන්නෙක්ම ඊයේ ඔවුන්ගේ උපන්දින සැමරුවා.

මට අවංක ආදරයක් කවදාවත් ලැබිලත් නැහැ  
මට ආදරේයි කියලා මුලින් හිටපු පෙම්වතුන් තුන් දෙනාම මාව මිස්‍ යූස් කරා 
ලිවින් ටුගෙදර් ඉන්න කැමතියි - 
යුරේනි නොෂිකා

යුරේනි නොෂිකා මේ නම, රූපය, කට හඩ නොදන්න කෙනෙක් නැහැ. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න යුරේනි නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. ආකර්ෂණීය විලාසිතා නිසා කවුරුත් ආදරේ කරන ඇය මේ දවස්වල නම් කතාබහට ලක් වෙලා ඉන්නේ හිරු රූපවාහිනීයේ විකාශය වෙන Happy hour වැඩසටහන නිසයි. කටකාර දඟකාර විදිහට සමාජය දැක්කත් ඇයත් දුක, සතුට, වේදනාව විදින යුවතියක්. මේ කතාබහ ඇය ගැනයි.

හිරු නාළිකාවේ ඉරිදා උදේ විකාශය වෙන Happy hour වැඩසටහන නිසයි ඔය කතාබහ යන්නේ. මට නම් ඒක තුන් තේරවිලි වගේ. ලෝකේ නම් ඕන තරම් ඕපන් කතා කරන වැඩසටහන් තියෙනවා. නමුත් ලංකාවේ ඒ වගේ වැඩසටහන් කරන එක අභියෝගයක්. ඒත් හිරු නාළිකාවෙන් ඒ අභියෝග ය මට භාර දුන්නා. කොහොම නමුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද එන තරුත් ඕපන් කතා කරනවා. 

දිනකට පමණක් සීමා කළ නොහැකි ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි 
දරුවන් වෙනුවෙන් කැපවන අපේ මව්වරුන්.....

අද ලෝක මව්වරුන්ගේ දිනය. ලෝකයේ විවිධ රටවල්වල විවිධ දින මේ සඳහා සම්මත කරගෙන තිබුන ද, සාමාන්‍යයෙන් ලෝක සම්මතයක් ලෙස මැයි මස දෙවෙනි ඉරිදා ‘ලෝක මව්වරුන්ගේ දිනය’ ලෙස පිළිගැනේ.‍

දරුවන් වෙනුවෙන් කැපවන අපේ මව්වරුන්.....

“දෙවැනි බුදුන් ලෙස..  ලොවම උවම් කල...
ලොවක පිදුම් ලද...  ලොවට උතුම් ලද....
අම්මා....”

ඇමති බන්ධුල ගුණවර්ධගේ හෝමාගම පවත්වන්නට යන වෙසක් කලාපයට රාජ්‍ය ආයතන වලින් මුදල් ඉල්ලලා

මහාමාර්ග,ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්ධුල ගුණවර්ධන විසින් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් හෝමාගම පොසොන් කලාපයක් පැවැත්වීමට තීරණය කර ඇත.

බන්ධුල ගුණවර්ධන විසින් මෙම පොසොන් කලාපය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් තම අමාත්‍යාංශයට අයත් ආයතන වලින් ලබා දෙන ලෙස ඉල්ලා එම ආයතනවල ප්‍රධානීන්ට ලිපියක් යවා ඇත.මෙම පොසොන් කලාපය වෙනුවෙන් පැවැත්වෙන රැස්වීම හෙට එනම් 2023.05.12 දින සවස ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

ඇමති ටිරාන්ගේ ඉල්ලීමට ඕමාන ව්‍යාපාරිකයා එකඟවෙයි
ලංකාවෙන් නොයන බව කියයි

ආරක්ෂාව තර කිරීමට දැඩි පියවර ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට කටාන අල් ඔබෙයිදානි ඇපරල් කර්මාන්තශාලාවේ හිමිකරුගෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ එම කර්මාන්තශාලාවේ හිමිකරු කලීෆා අල් ඔබෙයිදානි සමග පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන බවත් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවටත් එහිදී ඕමාන ව්‍යාපාරිකයාට අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

පෙම්වතා පැමිණ  15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිහින්

15 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තතා වනවා.

තම දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව චෝදනා කළාය.

15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා දැරිය දෙමව්පියන් සමග මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි ඇත.

විහාරා වැටිලා ඉන්නවා. සිහිය නැහැ. ඇඟේ නූල්පොටක්වත් නැහැ. 
මචං විහාරා පිස්සු නටලා ඇඳුම් ගලවලා ජනේලෙන් පැන්නා
මම රට පනිනවා.. උඹල දෙන්නත් වරෙල්ලා.’- සැකකරු මිතුරන්ට කියපු දේ

වෙසක් පොහෝ දා රාත්‍රියේ කළුතර ඓතිහාසික චෛත්‍යරාජයාණන්ට ඉහළින් මල් වට්ටියක් සේ පායා තිබූ පුන් සඳ ඊට පසුදාත් ඒ විදිහටම පායා එමින් තිබිණි. කළුතර බෝධීන් වහන්සේ අසලින් ගලා ගිය කළු ගඟේ ජලය කලපුවට එක්වී ඉවුරේ හැපී බිඳුණේ සියුම් හඬ නංවමිනි. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දෙසට මහ හඬ නංවමින් දුම්රියක් ගමන් කළේය. එහෙත් ඇයට ඒ කිසිත් ඇසුණේ නැත. ඇය දුම්රිය මාර්ගය අසල නිරුවත්ව වැතිර සිටියාය.

ඇය විහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වාය. දහසය හැවිරිදි වියේ පසුවූ විහාරා කළුතර, නාගොඩ පදිංචි පවුලක එකම දියණියය. ඇයට සොහොයුරන් දෙදෙනෙකි. විහාරා කළුතර නගරයේ ප්‍රධාන පෙළේ පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කඩඉම ජය ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.

කළුතර 11 වසරේ සිසුවියක  ලැගුම්හලකට ගෙන ගිය ඝාතකයා අල්ලයි

කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවියක ලැගුම්හලකට ගෙනගොස් පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්ධයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැව්රිදි පුද්ගලයකු බව සදහන්වේ .

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook