වසර 31ක් පුරා වලංගු බලපත්‍රයක් නොමැතිව රිය පැදවූ මන්ත්රි පොලීසියට කොටුවෙයි
Arrested
,
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Sri lanka
,
web gossip
වසර 31ක් පුරා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවූ නාගරික මන්ත්‍රිවරයෙක් බේරුවල පොලිසිය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බේරුවල, ගාලුපාරේ මස්සල ඉන්ධන හල අසල දී BMW වර්ගයේ සුපිරි කාර් රථයක් බේරුවල පොලිසියේ ජංගම මුර සංචාරක නිලධාරීන් පරීක්ෂාවට ලක් කර එම රථය පැදවූ බේරුවල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට මෙලෙස ගෙන තිබෙනවා.
එම රථයේ නීතිවිරෝධී දුම්වැටි තොගයක් තිබෙන බවට ලද තොරතුරක් මත කාර් රථය පරීක්ෂාවට ලක්කර ඇති අතර රථය පැදවූ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයා සතුව රිය පැදවීමට වලංගු රියදුරු බලපත්‍රය නොමැති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ.
මෙහිදී අත්අඩංගුවට පත් නාගරික මන්ත්‍රීවරයා වසර 31 කාලයක් සුපිරි කාර් රථය තුළ විවිධ වර්ගයේ වාහන රියදුරු බලපත්‍ර නොමැතිව රට පුරා ධාවනය කර ඇත්තේ රියදුරු බලපත්‍රය නොමැතිව බව විමර්ශන සිදුකරන ලද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාර නාගරික මන්ත්‍රීවරයා පොලිස් ඇප මත මුදා හැර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

