Advertisement

මංගල උත්සව පැවැත්වීම සඳහා තවමත් වලංගු වන්නේ පසුගිය අප්‍රේල් 27 වනදා නිකුත් කළ මාර්ගෝපදේශයේ අඩංගු කරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.ඒ සම්බන්ධයෙන් සියලු විස්ථර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

මංගල උත්සව සඳහා සෑම විටම හැකි තරම් අඩු සංඛ්‍යාවක් සහභාගී කර ගත යුතුයි. යම් හෙයකින් අදාළ උත්සවයට සහභාගී වූ අයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව පසුව සොයාගත හොත් උත්සවයට සහභාගී වූ පිරිස නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට එය වැදගත් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
උත්සවය පවත්වන කාලය තුළ පුද්ගල දුරස්ථ භාවය තබාගත යුතුයි. කිසිඳු අවස්ථාවක පුද්ගලයින් සිය දෙනෙකු ඉක්මවා ශාලාවට ඇතුළු නොවිය යුතු අතර කෙතරම් විශාල ඉඩ ප්‍රමාණයක් සහිත ශාලාවකට වුවද පුද්ගලියින් 100කට වඩා කැඳවීම නීති විරෝධී බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

උත්සවය පෙර ශාලාවේ ඇති ගෘහ භාණ්ඩ විෂබීජහරණය සිදු කිරීම වැදගත් වේ. දෑත් සේදීම සඳහා පහසුකම් උත්සවශාලාවට ඇතුළු වන ස්ථානයේම තිබිය යුතුයි. උත්සව ශාලාවට පැමිණෙන සියලු අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමද වැදගත් වනවා.සියලු අමුත්තන් මුඛ ආවරණ පැළදිය යුතු අතර සිප ගැනීම සහ අතට අත දීමෙන් වැළකිය යුතු අතර වෙනත් ආචාර ක්‍රම භාවිත කළ යුතු බවයි විවාහ මංගල උත්සව සඳහා නිකුත් කර ඇත මාර්ගෝපදේශයේ සඳහන් වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements