Advertisement

සිද්ධිය පිළිබඳව විනය පරීක්‍ෂණයක්
ලක්‍ෂ 20 කට ඉඩමක් නැතිවූ අයගේ පවුලේ සාමාජිකයන්ට කුසල්ගෙන්

ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රථය අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් ක්‍රිකට් මූලස්ථානයේදී (27) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම පරීක්‍ෂණය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව බව වාර්තා වේ.

ක්‍රීඩකයන් මෙවැනි සිද්ධීන්වලට මුහුණ පෑමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයන්ට අගතියක් වන්නේයයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අදහස බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

“මෙම සිද්ධිය පිළිබඳව විනය පරීක්‍ෂණයක් කරන්න අපි අදහස් කර තියෙනවා. මෙවැනි සිද්ධි මඟ හැරියොත් එය නරක ආදර්ශයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි විධායක කමිටුවේදී මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පවතින ගිවිසුමට අනුව මෙවැනි සිද්ධියකදී විනය පරීක්‍ෂණයක් පැවැත්වීමේ බලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබේ.

මෙම රිය අනතුරින් 64 හැවිරිදි පාපැදිකරුවකු නැතිවිය. ඔහු වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් ලක්‍ෂ 10 වන්දියක් ගෙවීමට කුසල් මෙන්ඩිස් අධිකරණයේදී එකඟ වූ අතර ඉන් ලක්‍ෂ දෙකක මුදලක් පසුගිය 6 වැනිදා අධිකරණයේදී ලබාදුන්නේය.

කුසල්ගේ පාර්ශවයෙන් නැතිවූ අයගේ අවසන් කටයුතු වෙනුවෙන් මල්ශාලාවට රුපියල් 95,000 කට ආසන්න මුදලක් ගෙවා ඇති අතර ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් වැය කරමින් ඉඩමක් මිලදී ගෙන නැතිවූ අයගේ පවුලේ සාමාජිකයන්ට බාරදීමට කුසල්ගේ පාර්ශවයෙන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ. එහි ඔප්පුව ලබන නඩු වාරයේදී අධිකරණයේදී බාරදීමට සැළසුම්කර ඇති බව ද දැනගන්නට තිබේ.

මෙම රිය අනතුර පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී මේ මස 5 වැනිදා අළුයම 5.15 ට පමණ සිදුව තිබූ අතර ඉන් පසුව කුසල් මෙන්ඩිස්, පානදුර උතුර පොලිසියට බාරවිය. පොලිසිය විසින් රිය අනතුරින් පසු දින එනම් මේ මස 6 වැනිදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කුසල්ව ඉදිරිපත් කරන ලද අතර එහිදී ඔහු ලක්‍ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීය. ඊට අමතරව අධිකරණය ඔහුගේ රියදුරු බලපත්‍රය ද තාවකාලිකව අත්හිටුවන ලදි.

මෙම සිද්ධිය පිළිබඳ නඩුව ලබන සැප්තැම්බර් මස 9 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements