Advertisement

කොරෝනා ආසාදිතයන් සාමාන්‍ය සමාජයෙන් හමු වීමේ අවදානමක් ඉදිරි දිනක කිහිපයේදී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

මේ නිසා සියලු ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියා.


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන පොකුරේ ආශ්‍රිතයන් සියලු දෙනාම පාහේ මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති නමුත් ඔවුන් සමාජයේ ගැටුනු තැන් ඇති නිසා සමාජයට වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බවද ඔහු කියා සිටියා.

ඉදිරි දින පහක පමණ කාලය තුළ මෙම අවධානම ඇති බවද එනිසා මුඛ ආවරණය නිසි ලෙස පලදින ලෙසක්, මීටරයේ දුර නිසිපරිදි පවත්වන ලෙසත්, නිතර අත් සෝදන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements