Advertisement

ඩොලර් මිලියන 900කට ආසන්න කොවිඩ්-19 වංචාවකට 
ශ්‍රී ලාංකීය සම්බවයක් සහිත මොහොමඩ් සිරාජ් සිරාජුදීන් නැමැත්තෙක් 
වරද පිලිගෙන ඇති බව විදෙස් මාධ්‍ය කියයි.

අමෙරිකාවේ COVID-19 පරීක්ෂණ ජාලයක් පවත්වාගෙන ගිය Mohamed "Siraj" Sirajudeen (Mohamed Siraj Sirajudeen) ඩොලර් මිලියන 900කට ආසන්න වංචා සැලැස්මකට වරද පිළිගෙන ඇති බවට වාර්තා වේ.

ඔහු O'Hare Clinical Lab Services සහ එහි කළමනාකරණ සමාගම වන Chicago Polyclinic හි හිමිකරු ලෙස කටයුතු කර ඇති බව සඳහන් කර තිබේ. 2021 අප්‍රේල් සිට 2022 ජූනි දක්වා කාලයේදී රක්ෂණ ආවරණයක් නොමැති පුද්ගලයන්ට පරීක්ෂණ සිදුකළ බව පෙන්වමින් හිමිකම් මිලියන 1.3කට වඩා ෆෙඩරල් HRSA ආයතනයට ඉදිරිපත් කර ඇති බව අමෙරිකානු නඩු පවරන්නන් පවසා ඇත.

එම ව්‍යාජ හිමිකම් හරහා ඩොලර් මිලියන 894.5ක් ඉල්ලා ඇති අතර ඉන් ඩොලර් මිලියන 293.2ක් ගෙවා ඇති බව අධිකරණ ලේඛනවල දැක්වේ. O'Hare ආයතනය පමණක් ඩොලර් මිලියන 642.1ක හිමිකම් ඉදිරිපත් කර ඩොලර් මිලියන 201.7ක් ලබාගෙන ඇති බව Chicago Sun-Times වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව 2026 අගෝස්තු 05 වැනිදා පැවති අධිකරණ ක්‍රියාවලියේදී ඔහු money laundering චෝදනාවකට වරද පිළිගෙන ඇති බවත්, Loretto Hospital හි හිටපු CFO Anosh Ahmed ට අයත් සමාගම් වෙත ඩොලර් මිලියන 147කට අධික මුදලක් සාම්පල ලබාගැනීම වෙනුවෙන් ගෙවා ඇති බව plea agreement එකේ පිළිගෙන ඇති බවත්, ඔහු නඩු පවරන්නන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බැවින් දඬුවම් නියම කිරීම කල් දමා ඇති බවත්, මෙවැනි පසුබිමක් සැලකිල්ලට ගනිමින් ඔහු සමඟ ව්‍යාපාරික ගනුදෙනුවකට පෙර ස්වාධීන due diligence පරීක්ෂාවක් සිදුකිරීම සුදුසු බවත් සඳහන් වේ.

මේ අතර සමාජ මාධ්‍යයේ ශ්‍රී ලංකාවේ හෙළ ක්ලෝතිං, එමරල්ඩ් වැනි ව්‍යාපාර ඔහු මිලදී ගත් බවට වාර්තා සංසරණය වන බවත්, එම වාර්තා සම්බන්ධයෙන් ස්වාධීනව තහවුරු කළ නිල තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්, ඕනෑම ව්‍යාපාරික ගනුදෙනුවකට පෙර නිසි පරීක්ෂාවක් සිදුකිරීම සුදුසු බවත් සඳහන් වේ.
නිකිනි පුරපසලොස්වක පොහොය දිනයේ වැදගත්කම

සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා චිර පැවැත්ම සඳහා මහත් සේවයක් සැලසුනු පොහොයක් වශයෙන් නිකිණි පුර පසළොස්වක පොහොය සඳහන් කළ හැකිය. මහාවග්ග පාලියේ වස්සුපනායිකක්ඛන්ධකයෙහි සඳහන් වන අන්දමට භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් බුදුරදුන් විසින් පෙන්නා දී ඇත. එය පෙර වස හා පසු වස යනුවෙන් හැඳින්වේ. ඇසළ පුන් පෝදා භික්ෂූන් පොහොය කොට ඇසළ අව පෑළවිය දිනයේ වස් එළඹිය යුතුය. එය පෙර වස වශයෙන් දැක්වේ. නිකිණි පුන් පොහොය දා පෝය කොට නිකිණි අව පෑළවිය දා වස් එළඹීම පසු වස වශයෙන් සැලකේ.
අද ඇසළ පොහොය දිනයයි
ඇසළ පොහොයෙහි ඇති වැදගත් කම

වෙසතුරු අත් බැවින් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන් ගේ ආරාධනා පිළිගෙන පස්මහ බැලුම් බලා දඹදිව මධ්‍ය දේශයෙහි කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. එකුන් තිස්වියේ දී ලෙඩෙකු මහල්ලෙකු මළ මිනියක් මහණ රුවක් යන සිවු පෙර නිමිති දැක ගිහිගෙය කළකිරි අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. බුදුරදුන් ඇතුළු පස්වග මහණුන් ගේ ප්‍රථම වස්සූපගමනය බරණැස මිදාය නම් වූ ඉසිපතනයේ සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. රාහුල කුමරුන්ගේ උපත සිදු වූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. බුදුරදුන් ගණ්ඩම්බ රුක්මුල්හිදී තිර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමාමහ පෙළහර දැක්වූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.
සිඳිත මඬිත පිපෙනා මල්
ආචාර්ය නන්දා මාලිනියන්ගේ නවතම ගීතය එළි දකියි

එදා ඉඳන් අද වෙනකන් පවතින සිංදු අහන අයට හොඳ ආරංචියක් අපිට දකින්න ලැබුණා. අපේ ගීත ලොවේ ඉහළින්ම ඉන්න යුගයේ කාන්තාව, නන්දා මාලිනී කාලෙකට පස්සේ ගීත‍යක් ගායනා කරලා. දරුවන් වෙනුවෙන් ඕනෑම වේදනාවක් දරා ගන්න කාන්තාවන්ට ශක්තියක් දෙන්න පුළුවන් ගීතයක් ගායනා කිරීමට නන්දා මාලිනිය හැර වෙන කිසිවෙක් නැති තරම්. ඒක මේ ගීතය ලියපු රචකයාත් කියලා තිබෙනවා අපි දැක්කා.
අනුබුදු මිහිඳු හිමි ලක්‌දිවට වැඩම කළ
පොසොන් පොහොය අදයි


අනුකම්පාව නමැති මේ බෝසත් ගුණයෙන් එදා පෝෂණය ලැබූ මිහිඳු මාහිමියන් හෙළදිවට වැඩම කළේ රටක්‌, ජාතියක්‌ වශයෙන් අප ආගමෙන් දහමෙන්, සංස්‌කෘතියෙන්, ආර්ථිකයෙන් භාෂාවෙන් කලාවෙන්, සාහිත්‍යයෙන් අන්ත අසරණව සිටි බැවිනි. ඉන් අප මුදවා ලෝකයේ පිළිගත් සමෘද්ධිමත් ෙ:රවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ ඇතිකර දීම උන්වහන්සේගේ පරමාර්ථය විය.

වෙසක්‌ පුන් පොහෝ දින උණුසුමත් සමඟ උදාවන්නේ පොසොන් පුර පසළොස්‌වක පෝය දිනයයි. වෙසක්‌ පුන් පොහෝ දිනය තුන් ලොවටම අසීමිත සැනසුමක්‌ උදා කළ අසිරිමත් දිනයයි. ජීව අජීවී සෑම වස්‌තුවක්‌ නිවී සැනසුන දිනය ද වෙයි.
පොසොන් පුර පෝය ශ්‍රී ලාංකික ජනතාවට ම ආවේණික වූ සුවිශේෂී වූ දිනය ද වේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස නිමල බුදුජ්දහම රැගෙන වැඩම කරවනු ලබන්නේ අද වන් දිනකය. එනම් මිහින්තලා අම්බස්‌තලය වෙතටයි. දේවානම්පියතිස්‌ස රජු ඇතුළු හතළිස්‌දාහක්‌ පිරිස මුණ ගැසෙන්නේ මෙහිදීය. රජු ඇතුළු පිරිස මුව දඩයමේ යෙදී සිටි මොහොතකය. රජු ඇතුළු පිරිස දුටු මිහිඳු මහ රහතන් වහන්සේ,
සම්බුදු තෙමගුල සිහිපත් කරන
වෙසක් පොහොය දිනය අදයි
වෙසක් ‌‌‌පොහොය දිනයේ වැදගත්කම 
ඔබ සැමට පිංබර සුභ වෙසගක් වේවා..! 

දීපංකර සම්බුදුරජාණන් වහන්සේ රඹගම් නුවරට වැඩමවද්දි අෂ්ට සමාපත්ති උපදවාගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ සාදා නිමකිරීමට නොහැකි වූ මහමඟ බිම ඒ දණ්ඩක් බවට පත්කර සිට ඒ බුදුරජුන්ට මලින් පිදූහ. දිවැස් යොමු කළ උන්වහන්සේ ඒ සුමේධ තාපසයාණන් අනාගතයෙහි ගෞතම නමින් බුද්ධත්වයට පත් වන බව නියම කොට ප්‍රථමවරට නියත විවරණ දෙන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනයකය. දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළ බෝසතාණෝ දඹදිව කපිල වස්තු නම් නුවර පාලනය වන විට සුද්ධෝදන රජතුමාගේ අගබිසව වූ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් ලුම්බිණි සල් උයනේ දී මව්කුසින් බිහි වූයේ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනකය.

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයකල පළමු අවස්ථාව මෙය නොවෙයි.

2016 දී ද ඔහු මෙරටට පැමිණිලා.


වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා වත්මන් සංචාරයේ නිරත වන්නේ ජනාධිපති ධුරයෙන් ඔහුගේ පළමු ශ්‍රී ලංකා ගමන වශයෙනි. කෙසේ වෙතත්, මෙය ටෝ ලාම් මහතාගේ සමස්ත ශ්‍රී ලංකාවට වන පළමු නිල සංචාරය නොවන බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.

2016 ඔක්තෝම්බර් මස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පැමිණීම

2016 ඔක්තෝම්බර් මාසයේදී, එවකට වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි ටෝ ලාම් මහතා, ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයක් මත මෙරටට පැමිණියේය. එහිදී ඔහු එවකට ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා හමුවී වැදගත් සාකච්ඡා පැවත්වා ඇති බව වියට්නාම CAND පුවත්සේවය පවසයි.

අද අධි වෙසක් පසළොස්වක පොහොය දිනය අදයි..
ඔබ සැමට පිංබර පොහෝ දිනක් වේවා!..

මෙරට වසර 125 කට පෙර පළමු වරට බෞද්ධ කොඩිය එසවීම - අධි වෙසක් පොහෝ දිනයක දී ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමන් අතින්  සිදු විය.

පසළොස්වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ ජීවිතය හා බැඳී පවතී. එහි ආගමික හා සංස්කෘතික වටිනාකමක් ගැබ්ව ඇත. සිංහල ලිත් මාස ක්‍රමය අනුව, දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් වශයෙන් මාස 12 නම් කෙරේ. මෙය ඉංග්‍රීසි ලිතට අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් ලෙස හැඳින්වේ.

ඩිජිටල් හැඳුනුම්පත බ්ලැක් ලිස්ට් සමාගමකට දෙන්න යයි. 
ටෙන්ඩර් කැදවීමත්, ලංසු ගැනීමත් ඉන්දියාවෙන් 

කොළඹ, අප්‍රේල් 29 – ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් නොමැති බවත්, නමුත් ඩිජිටල්කරණයට මුවාවී මෙරට ජනතාවගේ අතිශය සංවේදී ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට ලබාදීමට තමන් දැඩි විරෝධය පළ කරන බවත් ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ පවසයි

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මන්ත්‍රීවරයා පැවසුවේ,


"ඩිජිටල් හැඳුනුම්පතක් සම්බන්ධයෙන් අපිට විරෝධයක් නෑ. නමුත් ඩිජිටල්කරණයට මුවා වෙලා ඔබේ කළු ඉංගිරියාව, අතේ ඇඟිලි සලකුණු වගේ අතිශයින්ම සංවේදී ජෛවමිතික දත්ත එකතු කරලා ඒක ඉන්දියානු සමාගමකට ලබාදීම සම්බන්ධව තමයි අපි මේ බරපතළ විවේචනය පහුගිය කාලෙම ගෙනාවේ."

එතුමා වැඩිදුරටත් පෙන්වා දෙමින් කියා සිටියේ, ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත සැකසීම සඳහා ඉන්දියානු සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවා ඇති බවයි.

ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳව චෝදනා

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එතුමා පැවසුවේ,

"මේක කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් මාසයේදී. ඔක්තෝබර් මාසයේදී ටෙන්ඩර් එක අවසන් කරනවා. නොවැම්බර් මාසයේදී ටෙන්ඩරය පිරිනමනවා. ඒ එකඟතාව මත ටෙන්ඩර් විවෘත කිරීමක් කරා ඉන්දියාවේ ආයතන පහක් ටෙන්ඩරය යොමු කරනවා. මාර්තු මාසයේ 13 ප්‍රසිද්ධියට පත්කරන ලේඛනයේ තියෙනවා සමාගම් හයක්. හයවැනි සමාගම මේ ටෙන්ඩරය අතරතුර කල් ඇදලා ඇතුළට ඔබාගත්ත සමාගමයි. මේක තමයි ගෝඨභය රාජපක්ෂ ඩිජිටල් හැඳුනුම්පතට අදාළව ටෙන්ඩර් කැඳෙව්වට පස්සේ ඒකෙන් අසාදුගත වූ සමාගම."

දැන් එම සමාගමට ටෙන්ඩරය ලබාදීමට කටයුතු කරන බවද, ටෙන්ඩර් කැඳවීම, ලංසු ඇගයීම සහ මෘදුකාංග සැපයීම යන සියල්ලම ඉන්දියාව මගින් සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.

ඉන්දීය ණය ආධාරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය

රුපියල් බිලියන දාහක ඉන්දීය ණය ආධාරය හේතුවෙන් මෙම කටයුත්ත ඉන්දියාවට පිරිනැමීමට සිදුවූ බවට රජයේ ප්‍රකාශයන් පිළිබඳව අදහස් දක්වමින් එතුමා පැවසුවේ මෙය බරපතල ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රකාශ ගැන විවේචනය

මෙහිදී හිටපු රාජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පිළිබඳවද අදහස් දැක්වූ එතුමා,
දැඩි මතබේදයට තුඩුදුන් මීමුරේ පුවතේ
දේශපාලන ප්‍රතිවාදී කතාවක් පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

‘ගොසිප්99’ වෙබ් අඩවිය පළ කළ මීමුරේ දිට්ටා  සුලුකුණාට සමග ඇති වූ ව්‍යසනය හා සබැඳි පුවතක් දැඩි මතභේදයක් ඇති කර තිබුනි.

විශේෂයෙන් එම පුවතෙන් මීමුරේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේට එරෙහිව චෝදනා එල්ල කර තිබිණි. ගංවතුර සහනාධාර මුදල් අවභාවිතා කිරීමක් සහ අධි සංවේදී පරිසර කලාපයක පිහිටි තංගප්පුව හරහා මීමුරේට යන මාර්ගය විවෘත කිරීමට කටයුතු කිරීම එම චෝදනා අතර විය.
විදුලිබල ඇමති ජයකොඩිගේ ධූරය පිළිබඳ
පරස්පර වාර්තා මැද රජය නිහඬයි 
ඉවත් කිරීමට ජනපතිගේ තීරණයක්? 
පැලවත්ත රැස්වීමකදී ඉවත් කරන ලෙස යෝජනා

කොළඹ, අප්‍රේල් 3 – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇති බවට ජනාධිපති කාර්යාලය ආශ්‍රිත ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළ වන අතර, ඊට ප්‍රතිවිරුද්ධව පසුගියදා කැබිනට් ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ අමාත්‍යවරයාගේ තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවයි. මේ සියල්ල මධ්‍යයේ ජනාධිපති කාර්යාලය හෝ රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

පැලවත්ත ජවිපෙ මූලස්ථාන රැස්වීම
අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි

අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම


ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා

ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.

“ඉන්ධන ගබඩා මදි” කියන ආණ්ඩුව තියෙන
ටැංකිවලින් පුරවා තිබුනේ 40%ක් පමණයි. 
අපිට මාස 2යි දවස් 10කට ඉන්දන ගබඩා කරන්න පුළුවම් 
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක චෝදනා කරයි

කොළඹ, මාර්තු 31 – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ඉන්ධන පිරවීමට ගබඩා ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කළද, දැනට පවතින ගබඩාවලින් ඉන්ධන පුරවා ඇත්තේ 40%ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු බලෂක්ති නියෝජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

‘හිරු බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් අද (31) අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රටට අවශ්‍ය ඩීසල් මාස දෙකයි දවස් දහයක් ගබඩා කර තබාගැනීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් මේ වන විටත් පවතින බව පෙන්වා දුන්නේය.

ගල් අඟුරු කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ
ඉන්දියාවේ මත්පැන් ජාවාරම්කරුවෙකුටයි - හිටපු ඇමති පාඨලී චම්පික රණවක හෙලි කරයි

කොළඹ, මාර්තු 31 – මෙරට ගල් අඟුරු ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සහ දේශපාලන පක්ෂවලට අල්ලස් ලබා දුන් පුද්ගලයෙකුට අයත් සමාගමකට ලබා දී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙම ගල් අඟුරු ගනුදෙනුව පිටුපස සිටින ප්‍රධානියා සරත් රෙඩ්ඩි නැමැත්තෙකු බවත්, ඔහු 2021-22 කාලසීමාවේදී දිල්ලියේ ව්‍යාජ අරක්කු විකිණීමේ ජාවාරමකට සම්බන්ධව වරදකරුවෙකු වූ බවත් පෙන්වා දුන්නේය.
බිමල් රත්නායක අනතුරු අඟවයි
බාල ගල් අඟුරු ගෙනාවත් දැන් කරන්න දෙයක් නෑ! 
දඩ ගැහුවොත් සමාගම බංකොලොත් වෙයි
– බිමල්ගෙන් දැඩි ප්‍රකාශයක්

කොළඹ, මාර්තු 28 – ගල් අඟුරු ආනයනය කළ සමාගමකට නියම කළ අසීමාන්තික දඩ මුදල් හේතුවෙන් එම සමාගම බංකොලොත්භාවයට පත්වුවහොත් රටට ගල් අඟුරු ලබාගැනීමට නොහැකි වන බවට බලශක්ති අමාත්‍ය බිමල් රත්නායක මහතා අනතුරු අඟවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පාර්ලිමේන්තුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, එම සමාගම විසින් මේ වන විටත් ඩොලර් මිලියන 2ක පමණ දඩ මුදලක් ගෙවා ඇති බවයි.

"රටට කිසිවක අතිරික්තයක් නැත"
සතියක රෙදි එක පාර සෝදන්න කියා 
ඇමති හඳුන්නෙත්තිV8 රථයෙන් පොළොන්නරු ගිහින්
සමාජ මාධ්‍ය, ජනතාව අතර දැඩි විවේචනයක්

පොළොන්නරුව, මාර්තු 28 – කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීම සඳහා V8 එන්ජිමකින් යුත් සුඛෝපභෝගී රථයකින් පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වීමත් සමග දැඩි මහජන විවේචනයක් ඇති වී තිබේ.

බලශක්ති අර්බුදය මධ්‍යයේ ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා ජනතාවට ගමන් බිමන් සීමා කරන ලෙසත්, දින තුන හතරකට වරක් රෙදි සෝදන යන්ත්‍ර භාවිතා කරන ලෙසත් අමාත්‍යවරයා විසින් මීට පෙර මහජනතාවට උපදෙස් දී තිබුණි. එවැනි පසුබිමක අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වාහනයක් අමාත්‍යවරයා විසින්ම භාවිතා කිරීම ප්‍රශ්න කරමින් ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ තම අදහස් පළ කර ඇත.

ජනාධිපතිවරයාගේ පෙර ප්‍රකාශය ද සිහිපත් වෙයි
පිඹුරා සමඟ නැටූ තරුණිය ඇප මත මුදාහැරීමට නියෝග 
වීඩියෝව මුදාහළ තරිඳු වෙල්හේනගේටත් ලෙඩක්

කොළඹ ‘රෝයල් මාක්ස් අරීනා’ පරිශ්‍රයේ පැවති “රාජකීය අවුරුදු කුමරා කුමරිය” තේරීමේ උත්සවයේදී ආරක්ෂිත සතෙකු වන පිඹුරෙකු ගෙලේ පටලාගෙන නර්තනයේ යෙදුණු සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න ඊයේ (24) නියෝග කළේය.

ඇප කොන්දේසි
උපන්දිනය දවසේ මිලියන 6 ක වටිනාකමකින් යුත්
Ventilation Machine එකක් පරිත්‍යාග කල ටීචර් අම්මා!


අප සැමගේ ජීවිතවල "උපන්දිනය" යනු සුවිශේෂී දිනයකි. බොහෝ දෙනෙක් එය සාද පවත්වමින්, මිතුරන් සමඟ විනෝද වෙමින් හෝ පවුලේ උදවිය සමඟ සතුටු වෙමින් ගත කිරීමට ප්‍රිය කරති. එහෙත්, තමන් උපන් දිනය තවත් පිරිසකට ජීවිතය දෙන, සමාජයට ආදර්ශයක් සපයන පුණ්‍යකර්මයක් බවට පත්කළ හැකි බව පසුගියදා අපට අසන්නට ලැබුණි.

මෙම සුවිශේෂී පුවතේ හිමිකාරිණිය වන්නේ අප කවුරුත් දන්නා හඳුනන ගුරුවරියක වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මියයි.

අපේක්ෂාවේ දරුවන්ට හුස්ම දීමක්
දකුණු ආසියාවේ ඉහළම ප්‍රතිශතයකින්

ඉන්ධන මිල ඉහළ දමූ රට බවට ශ්‍රී ලංකාවයි

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හමුවේ ලොව පුරා රටවල් රැසක ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර, දකුණු ආසියාවේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
රජය විසින් මෙරට ඉන්ධන මිල 36%ක දැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති අතර, මෙය කලාපයේ සෙසු රටවල මිල ඉහළ දැමීම් හා සැසඳීමේදී ඉතා ඉහළ අගයකි. සංඛ්‍යාලේඛනවලට අනුව ඉන්දියාව 9%කින්ද, පකිස්ථානය 20%කින්ද, බංග්ලාදේශය 18%කින්ද, නේපාලය 11%කින් සහ මාලදිවයින 5%කින් පමණක් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළට
රනිල්ට ආරාධනා කළේ අපි!
වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය CIDයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ University of Wolverhampton හි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබූ බවත්, එහිදී ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමන ලද බවත් එම විශ්වවිද්‍යාලය Criminal Investigation Department (Sri Lanka) වෙත දැනුම් දී ඇති බව ‘Sunday Times’ පුවත්පත වාර්තා කරයි.

මෙම තොරතුරු ලබාදී ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව CIDය කළ විමසුමකට ප්‍රතිචාර වශයෙන් බව සඳහන් වේ. එසේම, අදාළ විශ්වවිද්‍යාලය රාජ්‍ය අරමුදල් ලබන රජයට අනුබද්ධ ආයතනයක් බවද එහි උපකුලපතිවරයා CID අධ්‍යක්ෂවරයාට දන්වා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements